Skip to content

මොනවා කරන්නත් දවස් 60යි!

මොනවා කරන්නත් දවස් 60යි!

2013 ජූලි 5වෙනි සිකුරාදා එක්සත් ජනපදයේ බෙතෙල් පවුලට පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ඇන්තනි මොරිස් මෙම සතුටුදායක නිවේදනය ඉදිරිපත් කළා. “බෘක්ලින්වල අංක 117, ඇඩම්ස් වීදියේත් අංක 90, සෑන්ඩ්ස් වීදියේත් තියෙන ගොඩනැඟිලි 6ක් විකුණන්න එකඟතාවකට ආවා. * ඒ නිසා මේ අවුරුද්දේ අගෝස්තු මැද ඇඩම්ස් වීදියේ තියෙන ගොඩනැඟිලි පහෙන් අපි ඉවත් වෙන්න ඕනේ.”

හැබැයි මේක ලේසි පහසු වැඩක් නෙමෙයි. මේ ගොඩනැඟිලි පහේ බිම් ප්‍රමාණය ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණ 11ක බිම් ප්‍රමාණයට සමානයි. ඒත් මොනවා කරන්නත් තිබුණේ දවස් 60යි!

අවුරුදු ගණනාවක් මේ ගොඩනැඟිලි 5 පාවිච්චි කළේ මුද්‍රණ යන්ත්‍ර සහ පොත් හදන්න පාවිච්චි කරන යන්ත්‍ර දාන්නයි. හැබැයි 2004දී ඒවා වෝල්කිල් නගරයට මාරු කළා.

ඊටපස්සේ මේ ගොඩනැඟිලි පාවිච්චි කළේ බඩු ගබඩා කරන්න සහ නඩත්තු කටයුතු කරගෙන යන්නයි. එක්සත් ජනපදයේ වගේම වෙනත් ස්ථානවල ගොඩනැඟිලි හදන්න ඕන කරන ද්‍රව්‍ය හා යන්ත්‍ර වගේම කාර්යාලවලට ඕන කරන පුටු මේසත් ඒ ගොඩනැඟිලිවල ගබඩා කරලා තිබුණා.

මේ ගොඩනැඟිලිවල තියෙන දේවල් ඉවත් කරන්න කලින් හොඳට සැලසුම් කරන්න ඕනේ. ඒ නිසා ඉස්සෙල්ලාම ඒ ගොඩනැඟිලි පහේ තියෙන දේවල් ගැන ලැයිස්තුවක් හැදුවා. ඒකට අනුව විකුණන්න, අයින් කරන්න සහ තියාගන්න ඕන බඩු මොනවාද කියලා තීරණය කළා. ඊටපස්සේ ඉක්මනින්ම අවශ්‍ය බඩු ටික අරන් යන්න සැලසුම් කළා.

මේ වැඩකටයුතු සාර්ථක කරගන්න බෙතෙල් පවුලේ අය ගොඩක් උදව් කළා. ඔවුන්ට අමතරව එක්සත් ජනපදයේ විවිධ ප්‍රදේශවලින් තාවකාලික ස්වේච්ඡා සේවකයන් 41දෙනෙක් මේ වැඩවලට උදව් කරන්න ආවා. ඔවුන්ගෙන් ගොඩක් අය තනිකඩ තරුණයන්. මාස එකහමාරක් දෙකක් විතර කාලයක් ඔවුන්ට මෙහේ වැඩ කරන්න වුණා. ඒ නිසා පවුලේ අයව, යාළුවන්ව, රැකියාවන් අත්හැරලා ඔවුන්ට බෙතෙල් එකට එන්න වුණා. මේ පැවරුම ගැන ඔවුන්ට හැඟුණේ කොහොමද?

වොෂිංටන්වලින් ආපු අවුරුදු 21ක් වන ජෝර්ඩන් කිව්වේ මෙහෙමයි. “මීට කලිනුයි මං ඇප්ලිකේෂන් එක දාන්න තිබුණේ.”

ටෙක්සාස්වලින් ආපු අවුරුදු 20ක් වන ස්ටීවන් මෙහෙම කිව්වා. “මට දැනුණේ හරියට මං ලෝකේ පුරාම විසිරිලා ඉන්න ලොකු පවුලක සාමාජිකයෙක් කියලා. මෙහේ අය ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා. හැබැයි හැමෝම ඉන්නේ හරිම සතුටින්.”

ජස්ටින්ට වයස 23යි. ඔහු මෙහෙම කිව්වා. “බෙතෙල් එකේ ඉන්නකොට මට දැනෙන්නේ හරියට මං මගේම ගෙදර ඉන්නවා වගේ. දෙවි එක්ක මගේ බැඳීම තවත් ශක්තිමත් කරගන්න මෙහේ ඕන තරං සැපයුම් තියෙනවා. ඒ වගේම හැමෝම හරිම ප්‍රේමණීයයි, එකමුතුයි. මෙහේ වැඩ කරන්න ආපු එක ගැන මට හරිම සතුටුයි!”

පෝටෝ රිකෝවලින් ආපු 20 හැවිරිදි ඇඩ්ලර් කියපු දේ බලන්න. “උදෙන්ම නැඟිටින එක ටිකක් අමාරුයි තමයි. හැබැයි මෙහේ ආපු නිසා හොඳ යාළුවෝ හොයාගන්න මට පුළුවන් වුණා.”

21 හැවිරිදි විලියම් තමන්ගේ අද්දැකීම විස්තර කළේ මෙහෙමයි. “බෙතෙල් එකට එනවා කියන එක පොඩි කාලේ ඉඳන්ම මට තිබ්බ හීනයක්. හැබැයි මට හිතුණා මෙහේ ආවම ලොකු තනිකමක් දැනෙයි කියලා. ඒත් මං හිතපු විදිහ කොච්චර වැරදිද? බෙතෙල් එකේ වැඩ කරපු කාලේ තමයි මගේ ජීවිතේ හොඳම කාලේ. මෙහේ වැඩ කරනවාට වඩා වැදගත් කිසිම දෙයක් මගේ ජීවිතේ නෑ.”

සැලසුම් කරපු විදිහටම දවස් 60කින් වැඩ ටික ඉවර කරගන්න පුළුවන් වුණාද? ඔව්. දවස් 55කින් වැඩ ඔක්කොම ඉවර කළා!

^ 2 ඡේ. අංක 90, සෑන්ඩ්ස් වීදියේ තියෙන ගොඩනැඟිල්ලෙන් ඉවත් වෙන්නේ 2017දීයි.