එක්සත් ජනපදයේ බෙතෙල් සංකීර්ණ බලන්න එන්න
“බෙතෙල් එක ගැන අපිට ගොඩක් සුන්දර මතකයන් තියෙනවා. ඒවා කවදාවත් අමතක වෙන්නේ නැහැ.” එහෙම කිව්වේ වානුවාටුවල ඉඳලා ඇමරිකා එක්සත් ජනපදයේ බෙතෙල් සංකීර්ණ බලන්න ආපු යුවළක්. හැම අවුරුද්දකම බෙතෙල් සංකීර්ණ බලන්න එන දසදහස් ගණන් අයගෙන් වැඩිදෙනෙක්ට හැඟෙන්නෙත් ඒ විදිහටමයි.
ඔබත් ඇමරිකා එක්සත් ජනපදයේ බෙතෙල් සංකීර්ණ බලලා තියෙනවාද? බැරි වුණා නම් ඇවිත් බලන්න කියලා සාදරයෙන් ඇරයුම් කරනවා.
ප්‍රධාන ගොඩනැඟිලි සංකීර්ණ තුනේ තියෙන්නේ මොනවාද?
නිව් යෝර්ක් නගරයේ වෝර්වික්වල ලෝක මූලස්ථානය. මඟ පෙන්වන්නෙක් නොමැතිව ඔබට ප්‍රදර්ශන කුටි තුනක් නැරඹිය හැකියි. පළවෙනි එක හඳුන්වන්නේ “බයිබලය සහ දෙවිගේ නම” කියලයි. මෙම ප්‍රදර්ශන ශාලාවේ දුර්ලභ ගණයේ බයිබල් සහ දෙවියන්ගේ නම බයිබලයේ අද වෙන කල්ම ආරක්ෂා වෙලා තියෙන විදිහ දැකගන්න පුළුවන්. දෙවෙනි එක හඳුන්වන්නේ “යෙහෝවා දෙවිගේ නාමය දරන සෙනඟ” කියලයි. මේ ප්‍රදර්ශන ශාලාවෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ඉතිහාසය ගැන දැනගන්න පුළුවන්. තුන්වෙනි එක හඳුන්වන්නේ “ලෝක මූලස්ථානය - යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත සාක්ෂිකරුවෝ” කියලයි. මෙම ප්‍රදර්ශන ශාලාව තුළින් සාක්ෂිකරුවන්ගේ රැස්වීම්, සේවය, ඉගැන්වීමේ වැඩකටයුතු සංවිධානය කරලා තියෙන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන්. මිට අමතරව ඔබට මඟ පෙන්වන්නෙක් සමඟ කාර්යාල/සේවාවන් සපයන ගොඩනැගිල්ලේ සහ වෝර්වික් භූමියේ සමහර කොටස් නැරඹිය හැකියි. මේ සඳහා විනාඩි 20ක් ගත වෙනවා.
නිව් යෝර්ක් නගරයේ පැටර්සන්වල තියෙන වොච්ටවර් අධ්‍යාපනික මධ්‍යස්ථානය. මේ ස්ථානයේ පාසැල් කීපයක්ම පවත්වනවා. ඒ අතර ගිලියද් මුරටැඹ බයිබල් පාසැල, ශාඛා කමිටු සාමාජිකයන් සහ ඔවුන්ගේ භාර්යාවන් සඳහා පාසැල වගේ පාසැල් ගැන දැනගන්න ඔබට පුළුවන්. ඒ වගේම චිත්‍ර සම්පාදන අංශයේ සහ ඕඩියෝ වීඩියෝ අංශයේ වැඩකටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියලා වීඩියෝවලින් සහ ප්‍රදර්ශන පුවරුවලින් දැකගන්නත් ඔබට පුළුවන්.
නිව් යෝර්ක් නගරයේ වෝල්කිල්වල තියෙන ප්‍රකාශන මුද්‍රණය කිරීමේ හා බෙදාහැරීමේ මධ්‍යස්ථානය. බයිබලය සහ ඒ මත පදනම් ප්‍රකාශන මුද්‍රණය කරන්නේ කොහොමද කියලත් පොත් බඳින්නේ කොහොමද කියලත් මඟ පෙන්වන්නා ඔබට විස්තර කරයි. ඒ වගේම එක්සත් ජනපදය, කැරිබියන් දූපත් සහ අනිකුත් රටවල්වලට මේවා බෙදාහරින්නේ කොහොමද කියලත් දැනගන්න පුළුවන්.
මේ ගොඩනැඟිලි සංකීර්ණය නරඹන්න වෙලාවක් වෙන් කරගන්නේ කොහොමද?
එක්සත් ජනපදයේ අපේ කාර්යාල නැරඹීමට ඔබ කැමති නම් මේ වෙබ් අඩවියේ කාර්යාල සහ කාර්යාල නැරඹීම කියන වෙබ් පිටුවට ගිහින් දිනයක් සහ වෙලාවක් වෙන් කරගන්න. ඒ වෙබ් පිටුවෙන් එක්සත් ජනපදයේ බෙතෙල් සංකීර්ණය ගැන තොරතුරු සහ ඒවා නැරඹීමට කොයි තරම් වෙලාවක් යනවාද කියලා දැනගන්න පුළුවන්.
බලන්න එන අයට මඟ පෙන්වන්නේ කවුද?
බෙතෙල් නිවාසයේ විවිධ අංශවල සේවය කරන අය මේ සඳහා පුහුණුව ලබලා තියෙනවා. ඒගොල්ලන් මේ සේවයත් සලකන්නේ ලොව පුරා සිදු වන දේශනා කිරීමේ හා ඉගැන්වීමේ වැඩකටයුතුවලට සහයෝගය දක්වන දෙයක් විදිහටයි. විවිධ භාෂා කතා කරන මඟ පෙන්වන්නන් ඉන්න නිසා හුඟක් දුරට ඔබ කැමති භාෂාවකින් තොරතුරු දැනගන්න පුළුවන්.
කොච්චර මුදලක් අය කරනවාද?
මුදල් අය කරන්නේ නැහැ.
බලන්න එන්න පුළුවන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විතරද?
නැහැ. බලන්න එන ගොඩක් අය සාක්ෂිකරුවන් නෙවෙයි. එන හැමෝටම, යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත වැඩකටයුතු සංවිධානය වෙලා තියෙන විදිහ ගැන හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන්.
ඉන්දියාවේ ඉඳලා එක මුස්ලිම් කාන්තාවක් පැටර්සන් නගරයේ තියෙන ගොඩනැඟිලි සංකීර්ණය බලන්න ආවා. ඒක නැරඹුවාට පස්සේ ඇය මෙහෙම කිව්වා. “මේ වගේ තැනක වැඩ කරන්න මටත් ආසයි. මට හොඳින් සැලකුවාට ඔයාලට ගොඩක් ස්තුතියි.”
ළමයින්ටත් එන්න පුළුවන්ද?
අනිවාර්යයෙන්ම! බෙතෙල් සංකීර්ණය නරඹන එක පුංචි අයට හොඳ අද්දැකීමක් වෙයි. එක්සත් ජනපදයේ ඉන්න ජෝන් කිව්වේ මෙහෙමයි. “බෙතෙල් එක බලන්න ආවාට පස්සේ අපේ කණ්ඩායමේ හිටපු ළමයින්ගේ කටේ තියෙන්නෙම බෙතෙල් එක ගැන. කලින් නම් ඒ අයට බෙතෙල් එකේ සේවය කරන එක ගැන පැහැදිලි අදහසක් තිබුණේ නැහැ. හැබැයි දැන් නම් බෙතෙල් එකේ සේවය කරන්න තමයි ඒගොල්ලෝ ආසාවෙන් ඉන්නේ.”
වෙනත් රටවල්වල තියෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලත් බලන්න පුළුවන්ද?
ඔව්. ගොඩක් රටවල්වල තියෙන ශාඛා කාර්යාල නරඹන්න පුළුවන්. ඒවා ගැන වැඩි විස්තර දැනගන්න අපේ වෙබ් අඩවියේ “කාර්යාල සහ කාර්යාල නැරඹීම” කියන කොටස බලන්න කියලත් ඕනෑම රටක තියෙන ශාඛා කාර්යාලයක් නරඹන්න කියලත් අපි ඔබට සාදරයෙන් ඇරයුම් කරනවා.