Skip to content

යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත

යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත

‘අම්මටයි තාත්තටයි මගේ ප්‍රශ්න කියන්නේ කොහොමද?’ ‘හොඳ මිතුරන් හොයාගන්නේ කොහොමද?’ ‘මට නරක යෝජනාවක් කළොත් . . . ’ ‘ඇයි මගේ හිතට මේ තරම් දුකක් දැනෙන්නේ?’

ඔයාට ඒ වගේ ප්‍රශ්න ඇති. හැබැයි සමහරවිට ඔයාට ඒ ප්‍රශ්නවලට එක එක විදිහේ උත්තර ලැබෙන්න ඇති. කරන්නේ මොනවද කියලා ඔයා හිතනවා ඇති. කලකිරෙන්න එපා. ඒ ප්‍රශ්නවලට හරි උත්තර තියෙනවා. යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම් 1වන පොත ඔයාට ඒකට උදව් කරනවා. ඒ පොතේ තියෙන උපදෙස් පදනම් වෙලා තියෙන්නේ බයිබලය මත. මිලියන ගණනකට විවිධ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න දෙවියන්ගේ වචනය නිසා පුළුවන් වෙලා තියෙනවා. ඔයාටත් ඒකෙන් උදව් ගන්න පුළුවන් කොහොමද කියලා හොයලා බලන්න.

මේ වගේ දේවල් ගැන ඒ පොතේ කතා කරනවා:

  • ඔබේ පවුල තුළ

  • ඔබ ගැන

  • පන්ති කාමරයේදී හා පිටතදී

  • ලිංගික කාරණා, සදාචාරය සහ ප්‍රේමය

  • ජීවිතයට හානිකර පුරුදු

  • ඔබේ විවේක කාලය

  • ඔබේ නමස්කාරය

  • දෙමාපියන් සඳහා උපග්‍රන්ථය

ඔයාට මේ පොත PDF ෆෝමැට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්, නැත්නම් අපේ ශාඛා කාර්යාලයකට ලියලා පොතේ පිටපත් ලබාගන්න පුළුවන්.

සැලකිය යුතුයි: දැන් මේ පොතේ PDF එකේම ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. ඔබේ පරිගණකයේ මේ පහසුකම තියෙනවා නම් ඔබේ පිළිතුරු හා අදහස් PDF එකට කෙළින්ම ඇතුල් කරන්න පුළුවන්.