Privacy Settings

To provide you with the best possible experience, we use cookies and similar technologies. Some cookies are necessary to make our website work and cannot be refused. You can accept or decline the use of additional cookies, which we use only to improve your experience. None of this data will ever be sold or used for marketing. To learn more, read the Global Policy on Use of Cookies and Similar Technologies. You can customize your settings at any time by going to Privacy Settings.

Skip to content

තාත්තා පුතාගේ ෆෝන් එක බලමින්

යොවුන් සිතේ ගැටලු

නිදහස ලබාගන්න නම් මං කරන්න ඕනෙ මොනවද?

නිදහස ලබාගන්න නම් මං කරන්න ඕනෙ මොනවද?

 දෙමාපියන් හැම පුංචි දෙයක් ගැනම හොයලා බලන්නේ ඇයි?

 එහෙම කරන්නේ ඔයා ගැන සැලකිලිමත් නිසා කියලයි දෙමාපියන් කියන්නේ. හැබැයි ඔයාට හිතෙන්නේ ඒක ඔයාගේ නිදහසට බාධාවක් කියලයි. උදාහරණ ටිකක් බලන්න:

  •   යෞවනියක් වන එරින් මෙහෙම කියනවා. “තාත්තා මගේ ෆෝන් එක අරගෙන බලෙන්ම වගේ මගෙන් පාස්වර්ඩ් එකත් අහගෙන මගේ ඔක්කොම මෙසේජස් ටික බලනවා. මං ඒකට අකමැති වුණොත් තාත්තා හිතන්නේ මං මොනවා හරි දෙයක් එයාගෙන් හංගන්න හදනවා කියලා.”

  •   අවුරුදු විසි ගණන්වල ඉන්න ඩෙනිස් ෆෝන් බිල ආවම එයාගේ අම්මා කරපු දේ ගැන මෙහෙම කියනවා. “අම්මා හැම නම්බර් එකක් දිහාම හොඳට බලලා ඒ නම්බර්ස් කාගෙද කියලත් මං එයාලත් එක්ක කතා කළේ මොනවා ගැනද කියලත් මගෙන් අහනවා.”

  •   කෙයාලා මෙහෙම කියනවා. ‘දවසක් අම්මා මගේ ඩයරි එක බැලුවා. ඒකෙ මං අම්මා ගැන ලියපු දේවලුත් තිබුණා. එදායින් පස්සේ නං මං ඩයරි එකේ කිසිම දෙයක් ලිව්වේ නෑ.’

 මේක මතක තියාගන්න: ඔයාව බලාගන්න වගකීම තියෙන්නේ ඔයාගේ දෙමාපියන්ට. එයාලා ඒ දේ කරද්දී එයාලව පාලනය කරන්න ඔයාට බැහැ. සමහර වෙලාවලට ඔයාට හිතෙයි එයාලා සීමාව පනිනවා කියලා. හැබැයි ඔයා දන්නවද, ඔයාට පුළුවන් එහෙම හිතෙන එක අඩු කරගන්න.

 ඔයාට කරන්න පුළුවන් දේ

 අවංක වෙන්න. බයිබලයේ කියනවා ‘සෑම දෙයකදීම අවංකව කටයුතු කරන්න’ කියලා. (හෙබ්‍රෙව් 13:18) දෙමාපියන් එක්කත් අවංක වෙන්න උත්සාහ කරන්න. ඔයා අවංකවම හැම දෙයක් ගැනම එයාලට කියද්දී එයාලත් ඔයාට වැඩි නිදහසක් දෙන්න පෙලඹෙයි.

 හිතන්න දෙයක්: ඔයා මේ වෙනකොටත් දෙමාපියන්ගේ විශ්වාසය දිනාගෙන තියෙනවද? දෙමාපියන් දාන නීතිවලට ඔයා අකීකරු වෙනවද? දෙමාපියන්ට කියන්නේ නැතුව ඔයා සමහර අයව කිට්ටුවෙන් ආශ්‍රය කරනවද? ඔයා කරන කියන දේවල් ගැන, යන එන තැන් ගැන දෙමාපියන්ට කියන්නේ නැද්ද?

  “වැඩි නිදහසක් ගන්න නම් මගේ පැත්තෙන් වෙන්න ඕනෙ දේවලුත් තියෙනවා. දෙමාපියන් මගෙන් දැනගන්න කැමති හැම දේම මං හංගන්නේ නැතුව කියනවා. ඒ නිසා එයාලා මාව විශ්වාස කරනවා, නිදහසේ දේවල් කරගෙන යන්නත් මට ඉඩ දෙනවා.”—ඩීලියා.

 ඉවසන්න. බයිබලයේ කියනවා “දිගටම යහපත් ලෙස හැසිරෙන්න” කියලා. (1 පේතෘස් 2:12) එක සැරයක් හොඳ දෙයක් කළා කියලා විශ්වාසයක් ගොඩනැඟෙන්නේ නැහැ. ඔයාගේ දෙමාපියන්ගේ විශ්වාසය දිනාගන්න නම් ඔයා ‘දිගටම’ හොඳ හැසිරීමක් පවත්වගන්න ඕනේ. ඒකට යම් කාලයක් ගියත් ඔයා ඒ වෙනුවෙන් දරන වෑයම කවදාවත් අපතේ යන්නේ නැහැ.

 හිතන්න දෙයක්: ඔයාගේ දෙමාපියනුත් කාලයක් යෞවන වයසේ හිටියා. ඔයා ගැන වැඩියෙන් හොයලා බලන්න ඒ දේ බලපානවා ඇත්තේ කොහොමද?

 “දෙමාපියන්ට එයාලා අතින් වුණු වැරදි තාමත් මතක තියෙන නිසා ඒ දේවල් එයාලගේ දරුවන් අතින් වෙනවට එයාලා කැමති නැතුව ඇති.”—ඩැනියෙල්.

 දෙමාපියන්ගේ පැත්තෙන් හිතන්න. ගුණවත් බිරිඳක් ‘ඇගේ ගෙයි වැසියන්ගේ ඕනෑ එපාකම් ගැන සෝදිසියෙන් ඉන්නවා’ කියලත් හොඳ පියෙක් දරුවන්ට ‘දෙවිගෙන් ලැබෙන හික්මවීම් ලබා දෙමින් දෙවි සිතන ආකාරයට සිතන්න’ උගන්වනවා කියලත් බයිබලයේ තියෙනවා. (හිතෝපදේශ 31:27; එෆීස 6:4) ඒ දේ කරන්න නම් දෙමාපියන්ට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම ඔයා ගැන හොයලා බලන්න.

 හිතන්න දෙයක්: ඔයා දෙමාපියෙක් නම් ඔයාගේ දරුවට කැමති කැමති දේ කරන්න ඉඩ දීලා ඔහේ බලන් ඉඳියිද?

  “යෞවන කාලෙදී මට හිතුණේ මගේ දෙමාපියන් මට කිසිම නිදහසක් දෙන්නේ නැහැ කියලා. ඒත් වැඩිහිටියෙක් විදිහට දැන් මට තේරෙනවා දෙමාපියන් එහෙම කළේ ඇයි කියලා. ඇත්තටම එයාලා මට ආදරේ නිසයි එහෙම කළේ.”—ජේම්ස්.