‘ජීවන ලියවිල්ලේ’ ලියවෙන්නේ කාගේ නම්ද?
බයිබලයේ ඒ ගැන කියන දේ
‘ජීවන ලියවිල්ලේ’ සටහන් වෙන්නේ සදහටම ජීවත් වෙන්න සුදුසුයි කියලා දෙවියන් තීරණය කරන අයගේ නම්. (එළිදරව් 3:5; 20:12; මලාකි 3:16) කෙනෙක්ගේ නම ඒ පොතේ ලියනවද නැද්ද කියන එක දෙවියන් තීරණය කරන්නේ ඒ කෙනා කොච්චර දුරට දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙනවද නැද්ද කියන එක මතයි.—යොහන් 3:16; 1 යොහන් 5:3.
“පොළොවේ දරුවන් බිහි වූ දා පටන්” දෙවිට විශ්වාසවන්තව ජීවත් වුණු සියලුදෙනාගේ නම් දෙවිගේ මතකයේ තියෙනවා. ඒක හරියට ලියවිල්ලක ඒ අයගේ නම් ලියවිලා තියෙනවා වගෙයි. (එළිදරව් 17:8) මුලින්ම ඒ ලියවිල්ලට ඇතුළත් වුණේ ආබෙල්ගේ නමයි. (හෙබ්‍රෙව් 11:4) දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අයගේ නම් දෙවිගේ මතකයේ තියෙනවා කියන එකෙන් පැහැදිලි වෙන්නේ ඒ එක් එක් පුද්ගලයාව දෙවියන් හොඳින් හඳුනනවා කියන එකයි. බයිබලේ කියන්නෙත් “තම අනුමැතිය තිබෙන්නේ කාටද කියා යෙහෝවා දෙවි දන්නේය” කියලයි.—2 තිමෝති 2:19; 1 යොහන් 4:8.
“ජීවන ලියවිල්ලෙන්” නමක් ඉවත් කරන්න පුළුවන්ද?
ඔව්. ඒ ගැන දෙවිම මෙහෙම කිව්වා. “මාගේ ලියවිල්ලෙන් මකා දමන්නේ මට විරුද්ධව පව් කර තිබෙන අයගේ නම් පමණයි.” (නික්මයාම 32:33) හැබැයි අපි දිගටම දෙවියන්ට විශ්වාසවන්තව හිටියොත් අපේ නම් ‘ජීවන ලියවිල්ලෙන්’ කවදාවත් මැකී යන්නේ නැහැ.—එළිදරව් 20:12.