Skip to content

2021 නොවැම්බර් 25
ශ්‍රී ලංකාව

අධික වැසි සහිත කාලගුණය ශ්‍රී ලංකාවට බලපායි

අධික වැසි සහිත කාලගුණය ශ්‍රී ලංකාවට බලපායි

2021 නොවැම්බර් මාසය පුරා ඇද හැළුණු අධික වැසි සහ සුළං නිසා ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කීපයකින්ම ගංවතුර සහ නාය යෑම් වාර්තා වෙලා තියෙනවා.

අපේ සහෝදර සහෝදරියන්ට බලපාපු විදිහ

  • කිසිම කෙනෙක් අනතුරට ලක් වුණේවත් මරණයට පත් වුණේවත් නැහැ

  • පවුල් 57ක් අවතැන් වුණා

  • ගෙවල් 15කට සුළු වශයෙන් අලාභහානි වුණා

  • ගෙවල් 4කට දැඩි අලාභහානි වුණා

සහන සේවා

  • සහන සේවා කමිටුව ළඟපාත සභාවල සහෝදරයන්ගේ උදව්වෙන් අවතැන් වුණ පවුල් 52කට එයාලගේ ගෙවල් සුද්ද පවිත්‍ර කරගන්න අවශ්‍ය උපකාර ලබා දුන්නා

  • අනිත් පවුල් 5ට තාවකාලිකව නවාතැන් දෙන්න ළඟපාත තිබුණ සභාවල සහෝදරයන් සැලසුම් යෙදුවා

  • චාරිකා සේවකයන් සහ වැඩිමහල්ලන් විපතට පත් වුණ සහෝදරයන්ට අවශ්‍ය දිරිගැන්වීම දිගටම ලබා දුන්නා

  • විපතට පත් වෙලා ඉන්න සහෝදරයන්ට උදව් කරන්න හැම දෙයක්ම සැලසුම් කළේ කෝවිඩ්-19 සම්බන්ධයෙන් තියෙන නීතිවලට එකඟවයි

මේ අසීරු කාලේ අපේ දෙවි යෙහෝවා ඔහුගේ සේවකයන්ට අවශ්‍ය සහනය දිගටම ලබා දෙනවා කියලා අපිට කිසිම සැකයක් නැහැ.—ගීතාවලිය 94:19.