2022 දෙසැම්බර් 20
යුක්රේනය
අලුත්ම තත්වය අංක 14 | යුධ ගිනි මැද ආදරය පැතිරෙයි
යූක්‍රේනය පුරාම දිගට හරහට පිපිරෙන බෝම්බ නිසා මේ වෙද්දී පාරවල්වලට, පාලම්වලට, විදුලි බලාගාරවලට ගොඩක් හානි වෙලා තියෙනවා. සමහර ඒවා සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. හැබැයි අපේ සහෝදර සහෝදරියෝ ඒ මොන බාධා ආවත් රැස්වීම්, සේවේ යන එක නවත්තලා නැහැ. කොටින්ම කිව්වොත් කරන්ට් නැති වුණත් එයාලා දිගටම නමස්කාරයේ දේවල්වල හවුල් වෙනවා.
ඇනස්ටේෂියා සහ ඩෙබෝරා කියන්නේ කීව්වල ඉන්න අපේ පුරෝගාමි සහෝදරියන් දෙන්නෙක්. එයාලාගේ පැත්තේ අඩුම තරමේ දවසට පැය 12ක්වත් කරන්ට් එක කපනවා. ඒ නිසා එයාලා කරන්ට් තියෙන වෙලාවට කොහොමහරි එයාලාගේ ෆෝන්, ටැබ් චාඡ් කරගන්නවා. එයාලා රැස්වීම්වලට ඉන්නේ ෆෝන් එකේ ඩේටාවලින්. ගොඩක් වෙලාවට රැස්වීම ඉවර වෙනවාත් එක්කම එයාලාගේ ඩේටා ටිකත් ඉවර වෙනවා.
අපේ සහෝදරයන් මුහුණ දෙන තවත් ලොකු අභියෝගයක් තමයි අධික සීතල. ඉතින් කරන්ට් එක නැති වුණාම එයාලා තවත් අසරණ වෙනවා. අපේ සමහර සහෝදරයෝ කරන්ට් එක ගන්න පොඩි ජෙනරේටරයක් තියාගෙන ඉන්නවා. ඒකෙන් එයාලට යන්තම් ගේ උණුසුම් කරගන්නත් පුළුවන්. තවත් අය උණුසුම් කරන උපකරණ තියෙන නෑදෑයන්ගේ ගෙවල්වලට යනවා. ඒ මුකුත් නැති අය කොහොමහරි ඒ සීතල දරාගන්නවා. හැබැයි හොඳ වෙලාවට අපේ හුඟක් සහෝදරයන් ගාව තියෙන්නේ ගෑස් එකෙන් ගෙවල් උණුසුම් කරන හීටර්. ඒ නිසා කරන්ට් නැති වුණත් සීතලෙන් බේරෙන්න එයාලට පුළුවන්.
ඉරීනා කියන්නේ ඉවානො ෆ්රැන්කිව්ස්ක්වල ඉන්න අපේ පුරෝගාමි සහෝදරියක්. මේ අමාරු කාලේදී වුණත් සතුටින් ඉන්න එයාට උදව් වෙන්නේ මොනවාද කියලා එයා මෙහෙම කියනවා. “මං හැම තිස්සේම උත්සාහ කරන්නේ මට වෙනස් කරන්න බැරි දේවල් ගැන ඕනාවට වඩා හිතන්නේ නැතුව ඉන්න. ‘පැයකට තියෙන කරදර ඒ පැයට සෑහේ’ කියලා මං හිතනවා. කරන්ට් එක යන කල් ඉන්නේ නැතුව මං කල්තියාම අපේ ප්‍රකාශන ඔක්කොම ඩවුන්ලෝඩ් කරගන්නවා. ඒ වගේම මං කලින්ම හිතනවා කරන්ට් එක ගියාට පස්සේ මං මොනවාද කරන්නේ කියලා.”
යුක්රේනයේ ඉන්න අපේ සහෝදර සහෝදරියන් දහසකුත් ප්‍රශ්න මැද්දේ වුණත් දිගටම යෙහෝවාට එයලාගේ උපරිමය දෙනවා. ඒත් එයාලා කරන ඒ හැම “යහපත් දේකටම” යෙහෝවා එයාලට නොඅඩුව ආශීර්වාද කරනවා කියලා අපිට කිසිම සැකයක් නැහැ.—ගලාති 6:9.
පහළ තියෙන්නේ 2022 දෙසැම්බර් 6වෙනිදා වෙද්දී ලැබුණ තොරතුරු. මේ සංඛ්‍යා ලේඛන පදනම් කරගත්තේ යුක්රේනයේ එක එක ප්‍රදේශවල ඉන්න සහෝදරයන් තහවුරු කරපු වාර්තාවලට අනුව. යුක්රේනයේ පවතින තත්වයත් එක්ක සහෝදරයන්ගෙන් තොරතුරු දැනගන්න අමාරු නිසා මේ සංඛ්‍යා හරියටම හරියි කියන්න බැහැ. බොහෝදුරට සංඛ්‍යාව මීට වඩා වැඩියි කියලා හිතන්න පුළුවන්.
යුද්ධය බලපාලා තියෙන විදිහ
ප්‍රචාරකයන් 47දෙනෙක් මැරුණා
ප්‍රචාරකයන් 97දෙනෙක්ට තුවාල වුණා
ප්‍රචාරකයන් 11,537දෙනෙක් රට ඇතුළේ තියෙන ආරක්ෂිත තැන්වලට පලා ගිහින් තියෙනවා
ගෙවල් 590ක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා
ගෙවල් 645කට බරපතළ හානි වෙලා
ගෙවල් 1,722කට සුළු හානි සිද්ධ වෙලා
නමස්කාර මධ්‍යස්ථාන 7ක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා
නමස්කාර මධ්‍යස්ථාන 19කට බරපතළ හානි වෙලා
නමස්කාර මධ්‍යස්ථාන 68කට සුළු හානි සිද්ධ වෙලා
සහන සේවා
යුක්රේනය පුරා සහන සේවා කමිටු 27ක් පිහිටුවලා තියෙනවා
ආරක්ෂාව තියෙන තැන්වලින් නවාතැන් හොයාගන්න ප්‍රචාරකයන් 54,212දෙනෙක්ට ඒ කමිටු මේ වෙද්දී උදව් කරලා තියෙනවා
වෙනත් රටවල්වලට පලා ගිය ප්‍රචාරකයන් 26,811දෙනාට ඒ රටවල්වල ඉන්න සහෝදරයන් දිගටම උදව් කරනවා