2017 මාර්තු 10
චිලී
චිලී රටේ දරුණු ලැව් ගින්නක්
චිලී රටේ හටගත් ලැව් ගින්නක් නිසා රටේ මධ්‍යම සහ දකුණු ප්‍රදේශවල අක්කර 12 ලක්ෂයකට (හෙක්ටයාර 5 ලක්ෂයක්) වඩා ප්‍රදේශයක් හානියට ලක් වුණා. සති දෙකක් පුරා ඇවිළුණු මේ ගින්න ගැන බලධාරීන් කිව්වේ චිලී ඉතිහාසයේ ඇති වුණ දරුණුම ලැව් ගින්න කියලයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගින්න නිසා කරදරයට පත් වුණ තමන්ගේ සභාවේ අයට වගේම අනිත් අයටත් උදව් කරන්න මැදිහත් වෙලා ඉන්නවා.
මේ ලැව් ගින්න නිසා කිසිම සාක්ෂිකරුවෙක් මරණයට හෝ අනතුරට ලක් වුණේ නැහැ කියලයි චිලී රටේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය දැන්නුවේ. ඒත් ගෙවල්වලින් ඉවත් වෙන්න සිදු වුණ සාක්ෂිකරුවන්ට අනිත් සාක්ෂිකරුවන් තමන්ගේ නිවෙස්වල නවාතැන් දුන්නා.
ඊට අමතරව සාක්ෂිකරුවන් ජීවත් වුණු නිවාස 5ක් ගින්නෙන් විනාශ වුණා. ශාඛා කාර්යාලය තත්වය හොඳට හොයලා බලලා අවශ්‍ය සහනාධාර තවදුරටත් ලබා දෙන්න සහන සේවා කමිටුවකුත් පත් කළා.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය ලෝක මූලස්ථානයේ සිට ලෝක ව්‍යාප්තව ලැබෙන සම්මාදම් යොදාගෙන ආපදා සහන ලබා දීමට කටයුතු කරනවා.
මාධ්‍ය ප්‍රකාශකයන්:
ජාත්‍යන්තර: ඩේවිඩ් ඒ. සෙමොනියන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1-845-524-3000
චිලී: ජේසන් රීඩ්, +56-2-2428-2600