Skip to content

පටුනට යන්න

JW බ්‍රෝඩ්කාස්ටිං

Apple TV එකෙන් වීඩියෝ බලන්න

Apple TV එකෙන් වීඩියෝ බලන්න

ඔයා බලන ඕනෙම වීඩියෝ එකක් පෝස් කරන්න, රීවයින්ඩ් කරන්න, ෆාස්ට් ෆෝවඩ් කරන්න, ස්කිප් කරන්න පුළුවන්. වීඩියෝ වර්ගයක හෝ වීඩියෝ එකතුවක තියෙන වීඩියෝ එකක් එහෙමත් නැත්නම් හැම වීඩියෝ එකක්ම බලන්න.

(සැලකිල්ලට ගන්න: ඔයාගේ Siri රිමෝට් එක මේ කොටසේ පෙන්නලා තියෙන රිමෝට් එකේ පින්තූරයට වඩා වෙනස් වෙන්න පුළුවන්.)

 වීඩියෝ එකක් හොයාගෙන ඒක බලන්න

Home ස්ක්‍රීන් එකේ උඩට වෙන්න තියෙන Video Categories සිලෙක්ට් කරලා වීඩියෝ වර්ග බලන්න.

  • ඔයාගේ Siri රිමෝට් එකේ ටච් කරන්න තියෙන තැන ඇඟිල්ල තියලා මොන වගේ වීඩියෝ වර්ගද තියෙන්නේ කියලා බලන්න. හයිලයිට් වෙලා තියෙන වීඩියෝ වර්ගයේ පින්තූරය අනිත් වීඩියෝ වර්ගවලට වඩා ලොකුවට පේන්න තියෙයි.

  • හයිලයිට් වෙලා තියෙන වීඩියෝ වර්ගය සිලෙක්ට් කරන්න ටච් කරන්න තියෙන තැන ඔබන්න.

සමහර වීඩියෝ, වීඩියෝ වර්ග කිහිපයකම හොයාගන්න පුළුවන්. උදාහරණෙකට “යළි දෙව් පියාපත් සෙවණේ” කියන වීඩියෝ එක චිත්‍රපටි, පවුලේ සැමට සහ යෞවනයන් යටතේ හොයාගන්න පුළුවන්./ “යළි දෙව් පියාපත් සෙවණේ” කියන වීඩියෝ එක Movies, Family සහ Teenagers යටතේ හොයාගන්න පුළුවන්.

එක වීඩියෝ වර්ගයක් යටතේ තියෙන හැම වීඩියෝ එකක්ම තැනින් තැන ප්ලේ කරන්න Shuffle ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න.

එක වීඩියෝ වර්ගයක් යටතේ වීඩියෝ එකතු කිහිපයක් තියෙනවා. හැම එකතුවකම වීඩියෝ වැඩසටහන් කිහිපයක්ම තියෙනවා. හැම එකතුවක් උඩින්ම මාතෘකාවක් සඳහන් වෙනවා.

  • වෙනත් වීඩියෝ එකතුවකට යන්න රිමෝට් එකේ ටච් කරන්න තියෙන තැන, ඇඟිල්ල උඩට එහෙම නැත්නම් පහතට යවන්න.

  • එකතුවක තියෙන වීඩියෝ බලන්න රිමෝට් එකේ ටච් කරන්න තියෙන තැන, ඇඟිල්ල වමට එහෙම නැත්නම් දකුණට යවන්න.

එකතුවක තියෙන හැම වීඩියෝ එකක්ම බලන්න විදි දෙකක් තියෙනවා.

  • එකතුවක තියෙන හැම වීඩියෝ එකක්ම මුල ඉඳන්ම ප්ලේ කරන්න Play All ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න.

  • එකතුවක තියෙන හැම වීඩියෝ එකක්ම තැනින් තැන ප්ලේ කරන්න Shuffle ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න.

සැලකිල්ලට ගන්න: එකතුවක තියෙන හැම වීඩියෝ එකක්ම ප්ලේ වුණාට පස්සේ වීඩියෝ ප්ලේ වෙන එක නතර වෙනවා.

වීඩියෝ එකක් සිලෙක්ට් කරන්න රිමෝට් එකේ ටච් කරන්න තියෙන තැන ඔබන්න. එතකොට ඔයාට Video Details බලන්න පුළුවන්.

පහත සඳහන් ඔප්ෂන්වලින් එකක් තෝරගන්න.

  • Play: වීඩියෝ එක මුල ඉඳන් ප්ලේ කරන්න.

  • Play All: ඔයා සිලෙක්ට් කරලා තියෙන වීඩියෝ එක ප්ලේ වුණාට පස්සේ ඒ පෙළේ තියෙන අනිත් වීඩියෝ ප්ලේ වෙනවා. එකතුවක තියෙන හැම වීඩියෝ එකක්ම ප්ලේ වුණාට පස්සේ වීඩියෝ ප්ලේ වෙන එක නතර වෙනවා.

  • Resume: ඔයා කලින් නතර කරපු තැන ඉඳන් වීඩියෝ එක බලන්න.

Video Details යටින් තියෙන්නේ ඔයා තෝරගෙන තියෙන වීඩියෝ පෙළේ අනිත් වීඩියෝ ටික. ඒ පේළියට යන්න රිමෝට් එකේ ටච් කරන්න තියෙන තැන ඇඟිල්ල පහතට යවන්න. Video Detailsවලට ආයෙත් යන්න රිමෝට් එකේ ටච් කරන්න තියෙන තැන, ඇඟිල්ල උඩට යවන්න.

 වීඩියෝ එකේ ප්ලේ බට්න් එක පාවිච්චි කරන විදිහ

වීඩියෝ එකක් ප්ලේ වෙද්දී ඔයාගේ රිමෝට් එකෙන් මේ දේවල් කරන්න පුළුවන්.

  • Play/Pause: වීඩියෝ එක පෝස් කරන්න. වීඩියෝ එක ආයෙත් ප්ලේ කරන්න ඒ බට්න් එකම ඔබන්න. රිමෝට් එකේ ටච් කරන්න තියෙන තැන මැදට වෙන්න ඇඟිල්ල තියලත් වීඩියෝ එක ප්ලේ කරන්න හෝ පෝස් කරන්න පුළුවන්.

  • Rewind: වීඩියෝ එක පෝස් කරලා තියෙද්දී වීඩියෝ එක ආපස්සට හෝ මුලට යවන්න රිමෝට් එකේ ටච් කරන්න තියෙන තැන, ඇඟිල්ල වමට යවන්න. වීඩියෝ එක ආයෙත් ප්ලේ කරන්න ප්ලේ හෝ පෝස් ඔබන්න.

  • Fast Forward: වීඩියෝ එක පෝස් කරලා තියෙද්දී වීඩියෝ එක ඉස්සරහට යවන්න රිමෝට් එකේ ටච් කරන්න තියෙන තැන ඇඟිල්ල දකුණට යවන්න. වීඩියෝ එක ආයෙත් ප්ලේ කරන්න ප්ලේ හෝ පෝස් ඔබන්න.

  • Skip Forward: වීඩියෝ එක තත්පර 10ක් ඉස්සරහට යවන්න රිමෝට් එකේ ටච් කරන්න තියෙන තැන, දකුණට වෙන්න ඇඟිල්ල තියන්න.

  • වීඩියෝ එකේ පහතට වෙන්න Skip අයිකන් එක දැක්කාම රිමෝට් එකේ ටච් කරන්න තියෙන තැන ඔබන්න.

  • Skip Backward: වීඩියෝ එක තත්පර 10ක් ආපස්සට යවන්න රිමෝට් එකේ ටච් කරන්න තියෙන තැන, වමට වෙන්න ඇඟිල්ල තියන්න.

  • වීඩියෝ එකේ පහතට වෙන්න Skip අයිකන් එක දැක්කාම රිමෝට් එකේ ටච් කරන්න තියෙන තැන ඔබන්න.

  • Menu: Video Detailsවලට ආයෙත් යන්න.

 විශේෂ/Featured එහෙමත් නැත්නම් අලුත්ම/Latest වීඩියෝ බලන්න

JW බ්‍රෝඩ්කාස්ටිං home ස්ක්‍රීන් එකේ විශේෂ වීඩියෝ එකතු දෙකක් තියෙනවා.

  1. විශේෂ: විශේෂ වීඩියෝ. උදාහරණෙකට හැම සතියකම අපේ රැස්වීම්වලදී පෙන්වන වීඩියෝ, පවුලේ නමස්කාරයට අදාළ වීඩියෝ.

  2. අලුත්ම වීඩියෝ: ළඟදී එකතු කරපු වීඩියෝ.