Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | යෙසායා 1-5

“අපි යෙහෝවා දෙවිගේ කන්දට නඟිමු”

“අපි යෙහෝවා දෙවිගේ කන්දට නඟිමු”

2:2, 3

“අවසාන කාලයේදී”

ඒ කාලයේ තමයි අපි දැන් ජීවත් වෙන්නේ

“යෙහෝවා දෙවිගේ ගෘහය පිහිටි කන්ද”

යෙහෝවා දෙවිට කරන පවිත්‍ර නමස්කාරය

“සියලු ජාතීහු වැල නොකැඩී ඒ කන්ද වෙතට ඇදී එන්නෝය”

සැබෑ නමස්කාරයට එකතු වෙන අය එක්සත්ව නමස්කාර කරනවා

“එන්න. අපි යෙහෝවා දෙවිගේ කන්දට නඟිමු”

සැබෑ නමස්කාරයේ හවුල් වෙන අය අනිත් අයටත් ආරාධනා කරනවා

“දෙවි අපට ඔහුගේ මාර්ග ගැන උගන්වයි. අපිද ඔහුගේ මඟ පෙන්වීමට අනුව ජීවත් වෙමු”

යෙහෝවා දෙවිගේ මාර්ගයේ යන්න ඕන මඟ පෙන්වීම්, උපකාරය ඔහු අපිට බයිබලයෙන් ලබා දෙනවා

සියලු ජාතීන්ට අයත් මිනිසුන් යෙහෝවා දෙවිගේ කන්දට නඟිනවා

2:4

‘ඔවුන් යුද්ධයට පුහුණු වන්නේවත් නැහැ’

යුද්ධායුධවලින්, වගා කරන්න උපකරණ හදාගන්නවා කියලා යෙසායා කිව්වේ යෙහෝවා දෙවිගේ සෙනඟ අද්දකින සාමය විස්තර කරන්නයි. ඒ කාලේ පාවිච්චි කරපු ඒ උපකරණ මොනවද?

“කඩුවලින් නගුල්”

1 නගුල් පාවිච්චි කළේ පස සකසාගන්න. සමහර නගුල් තල හදලා තිබුණේ යකඩවලින්.—1සාමු 13:20

“හෙල්ලවලින් දෑකැති”

2 දෑකැති පාවිච්චි කළේ මිදිවැල් කප්පාදු කරන්න.—යෙසා 18:5

කඩුවක් සහ හෙල්ලයක්
නගුලක් සහ දෑකැත්තක්