Privacy Settings

To provide you with the best possible experience, we use cookies and similar technologies. Some cookies are necessary to make our website work and cannot be refused. You can accept or decline the use of additional cookies, which we use only to improve your experience. None of this data will ever be sold or used for marketing. To learn more, read the Global Policy on Use of Cookies and Similar Technologies. You can customize your settings at any time by going to Privacy Settings.

දෙවිගේ නාමය දැනුම් දෙනවා

දෙවිගේ නාමය දැනුම් දෙනවා

දෙවිගේ නාමය දැනුම් දෙනවා

‘ඔබ ලෝකයෙන් මට භාර දුන් මිනිසුන්ට මම ඔබේ නාමය ප්‍රකාශ කළා. මම ඔබේ නාමය ගැන ඔවුන්ට දැනුම් දුන්නා. ඒ ගැන ඉදිරියටත් දැනුම් දෙනවා.’—යොහන් 17:6, 26.

ඉන් අදහස් කරන්නේ කුමක්ද? යේසුස් දෙවිගේ නාමය මිනිසුන්ට දැනුම් දුන්නා. ඔහු ශුද්ධ ලියවිලි කියවන විට දෙවිගේ නාමය සඳහන් කරන්න ඇති. (ලූක් 4:16-21) “පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා” කියා යාච්ඤා කිරීමට ඔහු තම අනුගාමිකයන්ටද ඉගැන්නුවා.—ලූක් 11:2.

මුල් ක්‍රිස්තියානීන් ඊට එකඟව ජීවත් වුණේ කොහොමද? දෙවි “තම නාමය දැරීමට සෙනඟක්” තෝරාගෙන තිබෙන බව පේතෘස් යෙරුසලමේ සිටි දෙවිගේ සෙනඟ අතරේ වගකීම් දැරූ පුරුෂයන්ට දැනුම් දුන්නා. (ක්‍රියා 15:14) ‘යෙහෝවා යන දෙවිගේ නාමය කියා අයැදින සියලුදෙනාවම ගලවනු ලබන’ බව යේසුස්ගේ අනුගාමිකයන් මිනිසුන්ට දැනුම් දුන්නා. (ක්‍රියා 2:21; රෝම 10:13) ඔවුන් ලියූ පොත්වලත් දෙවිගේ නාමය සඳහන් කළා. ක්‍රිස්තු වර්ෂ 300දී පමණ ලියැවුණු යුදෙව්වන්ගේ නීති ඇතුළත් පොතක මෙසේ සඳහන් වෙනවා. ‘ක්‍රිස්තියානීන් ළඟ තිබූ දෙවිගේ නාමය සඳහන් පොත් සියල්ල විරුද්ධවාදීන් විසින් ගිනි තැබුවා. එසේ කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වුණේ මිනිසුන් දෙවිගේ නාමය භාවිත කිරීම නතර කරනවා දැකීමයි.’—The Tosefta.

අද දින එය පිළිපදින්නේ කවුද? එක් බයිබල් පරිවර්තනයක මුල් පිටුවේ මෙසේ සඳහන් වී තිබෙනවා. “යේසුස් පොළොවට පැමිණීමට පෙර සිටම යුදෙව්වන් දෙවිගේ නාමය භාවිත කිරීම නතර කළා. ඒ නිසා අද සිටින ක්‍රිස්තියානීන්ද එය භාවිත කිරීම සුදුසු නැහැ.” (Revised Standard Version) ඒ හේතුව නිසා සියලුම බයිබල්වලින් යෙහෝවා යන දෙවිගේ නාමය ඉවත් කර ඒ වෙනුවට “ස්වාමීන්වහන්සේ” කියා යෙදුවා. ඒ වගේම දෙවිගේ නාමය ‘ගීතිකාවලින් සහ යාච්ඤාවලින් ඉවත් කරන’ ලෙස මෑතකදී වතිකානුව බිෂොප්වරුන්ට දැනුම් දුන්නා.

අද දින දෙවිගේ නාමය භාවිත කරන්නේ කවුද? කිර්ගිස්තානයේ වෙසෙන සර්ජේ යෞවනයෙකුව සිටියදී බැලූ චිත්‍රපටයක දෙවිගේ නාමය යෙහෝවා බව සඳහන් වුණා. ඉන්පසු වසර දහයක් යන තුරුම ඔහුට ඒ නාමය අසන්න ලැබුණේ නැහැ. පසුව ඔහු එක්සත් ජනපදයේ පදිංචියට ගියා. එහිදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙදෙනෙක් ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවකදී ඔවුන් ඔහුට බයිබලයෙන් දෙවිගේ නාමය යෙහෝවා බව පෙන්නුවා. දෙවිගේ නාමය භාවිත කරන පිරිසක්ව මුණගැසීම ගැන සර්ජේ බොහෝ සෙයින් සතුටු වුණා. “යෙහෝවා” යන නාමය ගැන ශබ්දකෝෂයක මෙසේ සඳහන් වුණා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නමස්කාර කරන එකම දෙවි ඔහුයි.”—Webster’s Third New International Dictionary.