Privacy Settings

To provide you with the best possible experience, we use cookies and similar technologies. Some cookies are necessary to make our website work and cannot be refused. You can accept or decline the use of additional cookies, which we use only to improve your experience. None of this data will ever be sold or used for marketing. To learn more, read the Global Policy on Use of Cookies and Similar Technologies. You can customize your settings at any time by going to Privacy Settings.

අශ්වයෙකුව ආදරෙන් අතගාන මිනිසෙක්

බයිබලයෙන් පිළිතුරක්

සතුන්

සතුන්

අපිට ඕන ඕන විදිහට සතුන්ට සලකන එක හරිද?

සතුන්ට සලකන්න ඕන කොහොමද?

මිනිස්සු කියන්නේ මෙහෙමයි.

සමහර අය කියන්නේ මිනිස්සුන්ට ඕන ඕන විදිහට සතුන්ට සැලකුවාට කමක් නැහැ කියලයි. ඒත් තවත් අය කියන්නේ සතුන්ටත් මිනිසුන්ට වගේම සලකන්න ඕන කියලයි.

  • සත්ව හිමිකම් වෙනුවෙන් කතා කරන ප්‍රසිද්ධ පුද්ගලයෙක් කිව්වේ “සතුන්ටත් අයිතිවාසිකම් තියෙනවා. සත්තු ඉන්නේ අපේ ප්‍රයෝජනයට විතරයි කියලා හිතන එක වැරදියි” කියලයි.

  • ලියෝනා හෙල්ම්ස්ලි කියන ධනවත් කාන්තාව මිය යන්න කලින් ඇගේ සුරතල් බල්ලා වෙනුවෙන් ඩොලර් මිලියන 12ක් වෙන් කළා. ඒ වගේම බල්ලා මැරුණාම ඇයව වළලන තැන ළඟින්ම වළලන්න කියලත් ඇගේ අන්තිම කැමති පත්‍රයේ සඳහන් කළා. ගොඩක් අය මේක දකින්නේ අන්තයට ගිය දෙයක් විදිහටයි.

ටිකක් හිතන්න: සතුන්ට කොහොම සැලකුවොත් හොඳයි කියලද ඔබ හිතන්නේ?

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

හැම දෙයක්ම නිර්මාණය කළ යෙහෝවා දෙවියන් මිනිස්සුන්ට මෙහෙම කිව්වා. “පොළොව මත සිටින සියලු සතුන්වද මුහුදේ මත්ස්‍යයන්වද අහසේ පියාසර කරන ජීවීන්වද ඔබ යටතේ තබාගන්න.” (උත්පත්ති 1:28) දෙවියන් සතුන්ව පාලනය කිරීමේ අයිතිය දුන්නේ මිනිස්සුන්ටයි. ඉන් පැහැදිලි වෙන්නේ දෙවියන් සතුන්ට වඩා මිනිසුන්ව උසස් කොට සලකනවා කියලයි.

ඊට කලින් තියෙන බයිබල් පදෙන් කියන දෙයිනුත් ඒක සනාථ වෙනවා. එතන කියන්නේ “දෙවි මනුෂ්‍යයාව සෑදුවේය. දෙවි මනුෂ්‍යයාව සෑදුවේ ඔහුගේම ගතිලක්ෂණ ඇතුවයි. පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් ඔවුන්ව සෑදුවේය.”—උත්පත්ති 1:27.

දෙවියන් මිනිස්සුන්ව නිර්මාණය කළේ “ඔහුගේ ගතිලක්ෂණ ඇතුව” නිසා මිනිස්සුන්ට ප්‍රඥාව, යුක්තිය සහ ප්‍රේමය වැනි ගුණාංග විදහා පෙන්නන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි තමන්ට වඩා උසස් කෙනෙක්ට හෝ දෙයකට නමස්කාර කිරීමේ අවශ්‍යතාවක් සහ සදාචාරාත්මක ජීවිතයක් ගත කරන්න උවමනාවකුත් මිනිස්සුන්ට උපතින්ම තියෙනවා. ඒත් දෙවියන් ඔහුගේ ගති ලක්ෂණ ඇතුව සතුන්ව නිර්මාණය කළේ නැති නිසා සතුන්ට වඩා මිනිසුන් උසස්. ඒ නිසා මිනිසුන්ට හා සතුන්ට එක හා සමානව සලකන්න අවශ්‍ය නැහැ.

ඒ කියන්නේ සතුන්ට හිරිහැර කරන්න මිනිස්සුන්ට අයිතියක් තියෙනවා කියන එකද? නැහැ.

  • සතුන්ට අවශ්‍ය කෑම දෙන්න, විවේකය ලබා දෙන්න, අසීරු අවස්ථාවකදී උදව් කරන්න හා ආරක්ෂා කරන්න කියලා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට දීපු නීතියේ සඳහන් වුණා.—නික්මයාම 23:4, 5; ද්විතීය කතාව 22:10; 25:4.

“දවස් හයක් ඔබ වැඩ කළ යුතුයි. ඔබේ ගවයාට හා බූරුවාට විවේකයක් ලබා දෙන පිණිස . . . හත්වන දවසේදී වැඩ නොකරන්න.”නික්මයාම 23:12.

සතුන් මැරීම වැරදිද?

මිනිස්සු කියන්නේ මෙහෙමයි.

සමහර අය සතුන්ව දඩයම් කරලා සතුටක් ලබනවා. තවත් අයට තියෙන්නේ ඊට වඩා වෙනස් මතයක්. සතුන්ව මරලා කන එක “සදාචාරයට පටහැනියි” කියලා රුසියාවේ කතුවරයෙක් වන ලියෝ ටොල්ස්ටෝයි කියන දේට ඔවුන් එකඟ වෙනවා.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

ජීවිතයට හානියක් වෙන්න පුළුවන් අවස්ථාවලදී හා ඇඳුම් සකසා ගැනීමට අවශ්‍ය දේවල් ලබාගන්න සතුන්ව මරන්න දෙවි අවසර දීලා තිබුණා. (නික්මයාම 21:28; මාක් 1:6) ඒ වගේම “පොළොවේ ජීවත් වන සතුන්ව මම ඔබට ආහාර වශයෙන් දෙන්නෙමි” කියලා දෙවියන් කියපු දෙයින් පැහැදිලි වෙන්නේ ආහාර සඳහාත් සතුන්ව මරන්න අවසර දීපු බවයි. (උත්පත්ති 9:3) යේසුස් පවා ගෝලයන්ට මාළු අල්ලන්න උදව් කළා.—යොහන් 21:4-13.

ඒත් සෙල්ලමට විනෝදයට සත්තු මරනවාට දෙවියන් කැමති නැහැ. මොකද දෙවියන් ‘සැහැසියාවට කැමැත්තක් දක්වන අයට ද්වේෂ කරන්නේය’ කියලා බයිබලයේ කියනවා.—ගීතාවලිය 11:5.

දෙවියන් සත්ව ජීවිත හුඟක් අගය කරනවා කියලා පහත සඳහන් කරුණුවලිනුත් පැහැදිලියි.

  • දෙවියන් පොළොව නිර්මාණ කරපු කාලයේදී “වනමෘගයන්වද හීලෑ සතුන්වද සියලු කුඩා සතුන්වද සෑදුවේය. ඒ සියලු සතුන් ඒ ඒ වර්ගයට අනුව බෝ වන ලෙස සෑදුවේය. දෙවි එය හොඳ බව දුටුවේය” කියලා බයිබලයේ කියනවා.—උත්පත්ති 1:25.

  • යෙහෝවා දෙවියන් ‘සතුන්ටත් ආහාර සපයා දෙන්නේය’ කියලා බයිබලයේ කියනවා. (ගීතාවලිය 147:9) දෙවියන් පරිසරය නිර්මාණය කරලා තියෙන්නේ සතුන්ට අවශ්‍ය ආහාර ඇතුළු හැම දෙයක්ම ඇතුවයි.

  • දාවිත් රජ මෙහෙම යාච්ඤා කළා. “යෙහෝවා දෙවියනි, ඔබ මිනිසුන්ව හා සතුන්ව ආරක්ෂා කරන්නෙහිය.” (ගීතාවලිය 36:6) උදාහරණයකට දුෂ්ට මිනිසුන්ව විනාශ කරන්න දෙවියන් නෝවාගේ කාලයේදී ගෙනා ජලගැල්මෙන් මිනිසුන් අටදෙනෙක්ව විතරක් නෙමෙයි සියලුම වර්ගයේ සත්වයන්වද බේරාගත්තා.—උත්පත්ති 6:19.

යෙහෝවා දෙවියන් ඔහු නිර්මාණය කරපු සතුන් ගැන සැලකිලිමත් වෙන නිසා ඔහු අපෙනුත් ඒක බලාපොරොත්තු වෙනවා.

“ධර්මිෂ්ඨයා, තමා ඇති කරන සතා ගැන පවා සැලකිලිමත් වෙයි.”හිතෝපදේශ 12:10.