11වෙනි පාඩම
ප්රයෝජන ලැබෙන විදිහට බයිබලය කියවන්න
හිතන්න ඔයාට කරන්න ලොකු වැඩක් තියෙනවා කියලා. ඒක කොහොම ඉවර කරන්නද කියලා ඔයාට මුලින් හිතෙයි. ඒත් ඒ වැඩේ පොඩි පොඩි කොටස්වලට වෙන් කරලා ටික ටික කරද්දී ඔයා ඒක ලේසියෙන්ම ඉවර කරයි. බයිබලය කියවන එකත් ඒ වගේ. ඒක කොහෙන් පටන්ගන්නද කියලා මුලදී ඔයාට හිතෙන්න පුළුවන්. ඒත් බයිබලය කියවද්දී, ඒකේ තියෙන දේවල් ඉගෙනගද්දී ඇත්තටම සතුටක් ලබන්න පුළුවන්. ඒ කොහොමද කියලා අපි මේ පාඩමෙන් බලමු.
1. අපි හැමදාම බයිබලය කියවන්න ඕනෙ ඇයි?
“යෙහෝවා දෙවියන්ගේ නීතිය” ඒ කියන්නේ බයිබලය හැමදාම කියවන කෙනෙක් ඉන්නේ සතුටින්. එයා කරන හැම දේම සාර්ථක වෙනවා. (ගීතාවලිය 1:1-3 කියවන්න.) මුලදී ඔයාට පුළුවන් හැම දවසකම විනාඩි කීපයක් අරගෙන බයිබලය කියවන්න. බයිබලය කියවන්න කියවන්න ඒකේ තියෙන දේවල් ඔයාට තේරුම්ගන්න පුළුවන් වෙනවා. එතකොට බයිබලය කියවන එකෙන් ඔයා ලොකු සතුටක් ලබයි.
2. ප්රයෝජනයක් ලැබෙන විදිහට බයිබලය කියවන්නේ කොහොමද?
බයිබලය කියවන එකෙන් උපරිම ප්රයෝජන ගන්න නම් අපි බයිබලය කියවන එක විතරක් මදි. අපි කියවන දේ ගැන “හොඳට කල්පනා කරන්නත්” ඕනේ. (යොෂුවා 1:8) බයිබලය කියවන ගමන් මේ ප්රශ්න ගැන හොඳට හිතලා බලන්න. ‘මේ දෙයින් මට යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද? ඒක මගේ ජීවිතේට උදව් වෙන්නේ කොහොමද? මේ තොරතුරුවලින් අනිත් අයට උදව් කරන්න පුළුවන් කොහොමද?’
3. බයිබලය කියවන්න කාලේ හොයාගන්න ඔයාට පුළුවන් කොහොමද?
බයිබලය කියවන්න කාලේ හොයාගන්න ඔයාට අමාරුද? ඔයාට විතරක් නෙමෙයි හුඟදෙනෙක්ට ඒ ප්රශ්නේ තියෙනවා. ඒත් තියෙන කාලයෙන් ඔයා ‘උපරිම ප්රයෝජන ගත්තොත්’ ඔයාට ඒක කරන්න පුළුවන්. (එෆීස 5:16) ඒකට බයිබලය කියවන්න හැම දවසකම වෙලාවක් වෙන් කරගන්න. සමහරු උදේ පාන්දර බයිබලය කියවනවා. තවත් සමහරු ඒක කියවන්නේ දවල් කෑම පැයේ. තවත් අය රෑ නිදාගන්න කලින් බයිබලය කියවනවා. බයිබලය කියවන්න ඔයාට හොඳම වෙලාව මොකක්ද?
තවත් හොයමු
බයිබලය කියවන එකෙන් සතුටක් ලබන්න පුළුවන් කොහොමද කියලා ඉගෙනගන්න. මේ පොතේ පාඩම්වලට හොඳට ලෑස්ති වෙලා ඒවාවලින් උපරිම ප්රයෝජන ගන්න පුළුවන් කොහොමද කියලත් දැනගන්න.
4. බයිබලය කියවලා සතුටක් ලබන්න ඉගෙනගන්න
බයිබලය කියවන්න පටන්ගන්න එක එච්චර ලේසි නැහැ කියලා මුලදී ඔයාට හිතෙයි. ඒත් කවදාවත් කාපු නැති කෑමක් කන්න අපිට ආසාවක් ඇති කරගන්න පුළුවන් වගේ බයිබලය කියවන්නත් අපිට ‘ආසාවක් ඇති කරගන්න’ පුළුවන්. 1 පේතෘස් 2:2 කියවලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
-
හැම දවසකම බයිබලය කියෙව්වොත් ඒක දිගටම කරන්න ඔයාට ආසාවක් ඇති වෙයි කියලා ඔයා හිතනවාද?
වීඩියෝ එක බලලා සමහරු බයිබලය කියවන්න ආසාවක් ඇති කරගත්තේ කොහොමද කියලා දැනගන්න. ඊටපස්සේ මේ ප්රශ්න ගැන කතා කරන්න.
-
වීඩියෝ එකේ හිටපු යෞවනයන්ට මුලදී බයිබලය කියවන්න අමාරු වුණේ මොන වගේ හේතු නිසාද?
-
හැමදාම බයිබලය කියවන්න එයාලට උදව් වුණේ මොන වගේ දේවල්ද?
-
බයිබලය කියවන්න තියෙන ආසාව තව වැඩි කරගන්න එයාලා කළේ මොනවාද?
මෙහෙම කරලා බලන්න:
-
නිවැරදිව පරිවර්තනය කරලා තියෙන, තේරුම්ගන්න ලේසි බයිබලයක් තෝරගන්න. ‘ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය’ පාවිච්චි කරලා බලන්න.
-
ඔයාට කියවන්න ආස හිතෙන පොතකින් පටන්ගන්න. “බයිබලය කියවමු” කියන වගුව බලලා කැමති පොතක් තෝරගන්න.
-
ඔයා කියවපු කොටස් ලකුණු කරගන්න. මේ පොතේ තියෙන “බයිබලයෙන් මං කියවපු කොටස්” කියන වගුවේ ඔයා කියවපු කොටස් ලකුණු කරගන්න.
-
‘JW ලයිබ්රරි’ ඇප් එක පාවිච්චි කරන්න. ඒක ඔයාගේ ෆෝන් එකට, ටැබ් එකට දාගත්තොත් ඕනෙම තැනක ඉඳන් බයිබලය කියවන්නත් ඒකේ පටිගත කිරීමකට සවන් දෙන්නත් ඔයාට පුළුවන්.
-
‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනයේ’ උපග්රන්ථ පාවිච්චි කරන්න. ඒකේ සිතියම්, වගු සහ “පැහැදිලි කිරීමක්” කියන කොටස් බලද්දී බයිබලය කියවන්න ඔයාට තියෙන ආසාව තව තවත් වැඩි වෙයි.
5. ඔයාගේ බයිබල් පාඩමට හොඳින් ලෑස්ති වෙන්න
ගීතාවලිය 119:34 කියවලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
-
බයිබලය කියවන්න කලින්, මේ පොතේ පාඩම්වලට ලෑස්ති වෙන්න කලින් යාච්ඤා කරන එක වැදගත් ඇයි?
මේ පොතෙන් කරන පාඩම්වලින් හොඳටම ප්රයෝජන ගන්න පුළුවන් කොහොමද? හැම පාඩමකටම ලෑස්ති වෙද්දී මේ දේවල් කරලා බලන්න.
-
පාඩමේ මුල් පිටුව කියවන්න.
-
බයිබල් පද කියවන්න. ඒවා තොරතුරුවලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා තේරුම්ගන්න බලන්න.
-
හැම ප්රශ්නයකටම උත්තරේ තේරුම්ගන්න උදව් වෙන ප්රධාන වචන, වාක්ය ලකුණු කරගන්න. ඔයාගේ හිතේ තියෙන දේ ඔයාට පාඩම කියලා දෙන කෙනා එක්ක කතා කරන්න ඒක ඔයාට උදව් වෙයි.
ඔයා දැනගෙන හිටියාද?
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විවිධ බයිබල් පරිවර්තන පාවිච්චි කරලා තියෙනවා. හැබැයි එයාලා වැඩියෙන්ම පාවිච්චි කරන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය.’ මොකද ඒක දෙවියන්ගේ නම පාවිච්චි කරලා තියෙන, නිවැරදි, පැහැදිලි පරිවර්තනයක්.—“යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට වෙනම බයිබලයක් තියෙනවාද?” කියන වෙබ් ලිපිය බලන්න.
සමහරු මෙහෙම කියනවා: “බයිබලේ ඉගෙනගන්න අපිට කොහෙන්ද වෙලාව!”
-
ඔයාට ඒ ගැන මොනවාද හිතෙන්නේ?
ඉගෙනගත්ත දේ
බයිබලයෙන් උපරිම ප්රයෝජන ගන්න නම් ඒක කියවන්න කාලේ වෙන් කරගන්න. කියවන දේ තේරුම්ගන්න උදව් ඉල්ලලා යාච්ඤා කරන්න. ඔයාගේ බයිබල් පාඩමට හොඳින් ලෑස්ති වෙන්න.
ඔයා හිතන්නේ මොකක්ද?
-
බයිබලය කියවන එකෙන් උපරිම ප්රයෝජන ගන්නේ කොහොමද?
-
බයිබලය කියවන්නත් ඒකේ තියෙන තොරතුරු ඉගෙනගන්නත් ඔයාට වෙලාව වෙන් කරගන්න පුළුවන්ද? ඒ කොයි වෙලාවලදීද?
-
මේ පොතේ පාඩම්වලට කලින්ම ලෑස්ති වෙන එක වටින්නේ ඇයි?
තව දැනගන්න
බයිබලය කියවලා ප්රයෝජන ලබාගන්න උදව් වෙන දේවල් කීපයක් බලන්න.
බයිබලය කියවන්න පුළුවන් විදි තුනක්.
බයිබලය කියවන එකෙන් සතුටක් ලබන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.
“මගේ ප්රශ්නවලට උත්තර බයිබලයේ තියෙනවාද? - 2වෙනි කොටස: බයිබලය කියවන එකෙන් සතුටක් ලබමු” (වෙබ් ලිපිය)
කාලයක් තිස්සේ බයිබලය කියවන අය දෙන යෝජනා ටිකක් බලන්න.