5වෙනි කොටස
“ඔබේ ජීවිත රැකබලා ගන්නා එඬේරාගේ රැකවරණයට” ආයෙත් එන්න
ඔයාත් මේ සඟරාවේ කියපු අභියෝගවලින් 1ක් එක්ක හරි පොරබදන කෙනෙක්ද? ඔයා වගේම ඒ අභියෝග එක්ක පොරබැදපු දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් එදාත් හිටියා. අදත් ඉන්නවා. යෙහෝවා දෙවිගේ උදව්වෙන් ඒ අය ඒ අභියෝග ජය ගත්තා. ඒක ඔයාටත් පුළුවන්.
යෙහෝවා දෙවි ළඟට එන ගමනේදී දෙවි ඔයා ළඟින්ම ඉඳන් උදව් කරයි
යෙහෝවා දෙවි ළඟට ආයෙත් එන එක තමයි ඔයාට කරන්න පුළුවන් හොඳම දේ. එතකොට ඔයාට පුළුවන් යෙහෝවා දෙවිගේ හිත සතුටු කරන්න. (හිතෝපදේශ 27:11) අපි කරන කියන දේවලින් ඔහුගේ හිත සතුටු කරන්න නැත්නම් හිතට දුකක් දෙන්න අපිට පුළුවන් කියලා ඔයා දන්නවා. ඒත් ඔහුට ආදරේ කරන්න, සේවය කරන්න කියලා ඔහු බල කරන්නේ නැහැ. (ද්විතීය කතාව 30:19, 20) විශාරදයෙක් මෙහෙම කිව්වා. “මිනිස් හදවත පිටින් අරින්න බැරි දොරක් තියෙන කාමරයක් වගේ. ඒක අරින්න පුළුවන් ඇතුළෙන් විතරයි.” අපේ හදවත දෙවි වෙනුවෙන් විවෘත කරන්න පුළුවන් අපිටමයි. ආදරේ පිරුණු හදවතකින් දෙවිට නමස්කාර කරන්න මුල් පියවර ගන්න ඕනෙ අපිමයි. එහෙම කරලා දෙවිට ළැදිව ඉන්න එක තමයි ඔහුට දෙන්න පුළුවන් හොඳම තෑග්ග. ඒකෙන් දෙවි හුඟක් සතුටු වෙනවා. දෙවි ලබන්න වටින ඒ දේ ඔහුට දෙද්දී ලැබෙන සතුට වෙන කිසිම දේකින් ලබන්න අපිට බැහැ.—ක්‍රියා 20:35; එළිදරව් 4:11.
යෙහෝවා දෙවි ළඟට එන කෙනෙක්ට දෙවිගෙන් පෝෂණයක් ලබන්න තියෙන අවශ්‍යතාවත් සපුරගන්න පුළුවන්. (මතෙව් 5:3) මේ ගැන හිතන්න. දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ දෙවිගෙන් පෝෂණය ලැබීමේ අවශ්‍යතාව ඇතුව. ඔහුට සේවය කරලා තෘප්තියක් ලබන්න පුළුවන් විදිහට. ඒ නිසයි අද ලෝකෙ ඉන්න වැඩිදෙනෙක් ‘ජීවිතේ අරමුණ මොකක්ද’ කියන ප්‍රශ්නෙට උත්තර හොයන්නේ. අපි දෙවිට සේවය කරන්නේ ඔහුට තියෙන ආදරේ නිසයි කියලා දැනෙද්දී ලබන තෘප්තිය මොන තරම්ද! ආයෙත් එන්න ඒකත් හේතුවක් නෙමෙයිද?—ගීතාවලිය 63:1-5.
මේ සඟරාව ගැන හිතන්න. මේක සකස් කළේ දෙවිට හුඟක් යාච්ඤා කරලා ගොඩක් පැති ගැන හිතලයි. සමහරවිට මේ සඟරාව ඔයාට දුන්නේ වැඩිමහල්ලෙක් නැත්නම් සභාවේ කෙනෙක් වෙන්න ඇති. දැන් ඔයා මේක කියවලා දෙවි ඔයාට කියන දේ තේරුම් අරන් ඒ විදිහට කරන්න හිතනවා ඇති. ඒ හැම දේකින්ම ඔප්පු වෙන්නේ යෙහෝවා දෙවිට ඔයාව අමතක වෙලා නැහැ කියලා නේද? දෙවි ආයෙත් ඔයාව ඔහුගේ තුරුලට ගන්න හදනවා කියලා නේද?—යොහන් 6:44.
යෙහෝවා දෙවි තමන්ගේ රැළෙන් ඈතට ගිය බැටළුවන්ව කවදාවත් අමතක කරන්නේ නැහැ කියන දේ අපිට ලොකු සැනසීමක්. ඩෝනා කියන සහෝදරිය මෙහෙම කියනවා. “මං ටිකෙන් ටික දෙවිගෙන් ඈත් වුණා. ඒත් මං නිතරම වගේ ගීතාවලිය 139:23, 24 තියෙන වචන ගැන හිතුවා. එතන කියන්නේ ‘අනේ දෙවියනි, මාව විමසා බලා මාගේ හදවතේ තිබෙන දේ දැනගන්න. මාව සෝදිසි කර බලා මාගේ සිතට වධ දෙන දේ දැනගන්න. මාව නොමඟට යවන දෙයක් මා තුළ තිබේද කියා සොයා බලා මට සදහටම මඟ පෙන්වන්න’ කියලයි. මං දෙවිව දාලා ගියත් හැම තිස්සෙම මගේ හිත කිව්වේ මං අයිති දෙවිගේ සංවිධානයට කියලා. මේ දුෂ්ට සමාජයට ගියාම මට තේරුණා මං ඒකට අයිති කෙනෙක් නෙමෙයි කියලා. යෙහෝවා දෙවි කවදාවත් මාව අත්හැරියේ නැහැ. ආයෙත් පාර හොයාගෙන මගේ දෙවි ළඟට එන්න ඕනෙ මමමයි කියලා මං තේරුම්ගත්තා. ඒක කරපු එක ගැන දැන් මං හුඟක් සතුටු වෙනවා.”
“යෙහෝවා දෙවි කවදාවත් මාව අත්හැරියේ නැහැ. ආයෙත් පාර හොයාගෙන මගේ දෙවි ළඟට එන්න ඕනෙ මමමයි කියලා මං තේරුම්ගත්තා”
“යෙහෝවා දෙවි දෙන ප්‍රීතිය” ආයෙත් ලබන්න ඔයාට පුළුවන් වෙන්න කියලා අපි හදවතින්ම යාච්ඤා කරනවා. (නෙහෙමියා 8:10) ආයෙත් දෙවි ළඟට එන්න ඔයා ගන්න තීරණය ගැන කවදාවත් ඔයාට පසුතැවෙන්න වෙන්නේ නැහැ.