Privacy Settings

To provide you with the best possible experience, we use cookies and similar technologies. Some cookies are necessary to make our website work and cannot be refused. You can accept or decline the use of additional cookies, which we use only to improve your experience. None of this data will ever be sold or used for marketing. To learn more, read the Global Policy on Use of Cookies and Similar Technologies. You can customize your settings at any time by going to Privacy Settings.

2014 නොවැම්බර් මාසයේ පැවැත්වූ ටොරොන්ටෝ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ තිබූ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රදර්ශන කුටිය

ටොරොන්ටෝ පොත් ප්‍රදර්ශනයේදී JW.ORG වෙබ් අඩවිය හඳුන්වා දෙයි

ටොරොන්ටෝ පොත් ප්‍රදර්ශනයේදී JW.ORG වෙබ් අඩවිය හඳුන්වා දෙයි

2014 නොවැම්බර් 13-16 දක්වා ටොරොන්ටෝ සම්මන්ත්‍රණ ශාලාවේදී ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක් පැවැත්තුවා. එහි මුද්‍රිත මාධ්‍යයෙන් වගේම ඩිජිටල් මාධ්‍යයෙනුත් පොත් පත් ප්‍රදර්ශනය කර තිබුණා. දවස් හතරක් පුරා පැවැත්වූ මේ ප්‍රදර්ශනය නරඹන්න 20,000ක් පමණ සෙනඟ ආවා.

පොත් ප්‍රදර්ශකයන් අතර යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවනුත් හිටියා. ඔවුන් පොත් පත් තබා තිබුණේ වර්ණවත් සිත් ඇඳගන්නාසුළු කුටියකයි. ඒ වගේම ටැබ්ලට්වලින් JW.ORG වෙබ් අඩවියට පිවිසෙන විදිහත් ඔවුන් පෙන්නුවා.

ඒ කුටිය බලන්න ආව ප්‍රදර්ශනය සංවිධානය කරපු කෙනෙක් මේ විදිහට කිව්වා. “ඔයාලගේ වෙබ් අඩවිය හදලා තියෙන්නේ අලුත්ම විදිහට. අනිත් අයත් ඒ විදිහට හදනවා නම් කොච්චර හොඳද.” ප්‍රදර්ශනය බලන්න ආව අය කිව්වේ අපේ වෙබ් අඩවිය ඉහළම තත්වයක තියෙනවා වගේම අවශ්‍ය කරන දේ පහසුවෙන්ම හොයාගන්නත් පුළුවන් කියලයි. ඒ වගේම ජීවිතේ වැදගත් ප්‍රශ්නවලට උත්තර දීලා තියෙනවා කියලත් එයාලා කිව්වා. එයාලගේ හිතට ගොඩක්ම කාවැදුණේ මිනිසුන් මූණ දෙන ප්‍රශ්නවලට සාර්ථක විසඳුම් වෙබ් අඩවියේ දීලා තියෙන විදිහයි.

ඒ කුටියේ හිටිය සාක්ෂිකාර සහෝදයෝ කිව්වේ JW.ORG වෙබ් අඩවිය ගැන ගොඩක් අය කලින් දැනගෙන හිටියේ නෑ කියලයි. බලන්න ආව හැම කෙනෙක්ටම වගේ අපේ ලිපිනය ඇතුළත් කාඩ් එකක් හෝ ‘අපේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන් කොහෙන්ද?’ යන පත්‍රිකාවක් දුන්නා. ආයෙත් අපේ වෙබ් අඩවිය බලනවා කියලා ගොඩක් අය කිව්වා. ඒ වගේම සමහර අය එයාලගේ ගෙදරට ඇවිත් හමුවෙන්න කියලත් කිව්වා.

ඒ ප්‍රදර්ශනයේ දරුවන්ට වෙන් කරලා තිබුණේ සිකුරාදා දවසයි. එතැන හිටිය සහෝදරයෝ ‘කාටූන් චිත්‍රවලින් උගනිමු පාඩම්’ කියන වීඩියෝ පෙළ JW.ORG වෙබ් අඩවියෙන් පෙන්නුවා. ගුරුවරුන් එක්ක ප්‍රදර්ශනය බලන්න ඇවිත් හිටිය ගොඩක් ළමයි එතැන නතර වෙලා ඒක බැලුවා.

බයිබල් මුද්‍රණය කරන ආයතනයක වැඩ කරන චිකාගෝ නගරයෙන් ආව කෙනෙක් ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ මුද්‍රණය කරලා තියෙන විදිහ අගය කෙරුවා. එයාට අපේ මුද්‍රණ අංශයේ වැඩකටයුතු ගැන දැනගන්න ඕන වුණ නිසා අදාළ සහෝදරයන්ව හමුවීමටත් සැලසුම් යෙදුවා.

දැන් JW.ORG වෙබ් අඩවිය බලන්න පුළුවන් භාෂා ගණන 700කට වඩා වැඩියි. ප්‍රදර්ශනය බලන්න ආපු අය අම්හාරික්, බෙන්ගාලි, චීන, ඉංග්‍රීසි, ප්‍රංශ, ග්‍රීක, ගුජරාටි, හින්දි, කොරියානු, පෘතුගීසි, ස්පාඤ්ඤ, ස්වීඩන්, දෙමළ, ටිග්‍රින්යා, උර්දු, වියට්නාම් වැනි භාෂා 16කින් වෙබ් අඩවිය බැලුවා.

ඒ ප්‍රදර්ශන කුටියේ හිටිය සාක්ෂිකරුවෙක් කිව්වේ වෙබ් අඩවිය ගැන මිනිසුන්ට නිකම්ම කියනවාට වඩා ඒ වෙබ් අඩවියට යන විදිහ පෙන්නලා දෙද්දී ඒකෙන් ලොකු බලපෑමක් වෙනවා කියලා. ඔහු මෙහෙම කිව්වා “මේ ප්‍රදර්ශනය නිසා අපේ වෙබ් අඩවියට යන විදිහ හුඟදෙනෙක්ට පෙන්නන්න පුළුවන් වුණා.”