බෙතෙල් ටුවර්
අපේ ශාඛා කාර්යාල නරඹන්න එන්න කියලා අපි ඔයාලට ආදරයෙන් ආරාධනා කරන්න කැමතියි. සාමාන්‍යයෙන් ඒවා හඳුන්වන්නේ බෙතෙල් කියලා. සමහර ශාඛා කාර්යාලවල මඟ පෙන්වන්නෙක් නැතුව නරඹන්න පුළුවන් ප්‍රදර්ශන ශාලා තියෙනවා.
ජර්මනිය
කාර්යාල නැරඹිය හැකි ආකාරය ගැන තොරතුරු
නැරඹිය හැකි දේවල්
මධ්‍යයම යුරෝපයේ ඓතිහාසික ප්‍රදර්ශනයක්. “අතීතයෙන් බිඳක්” කියන ප්‍රදර්ශනයෙන් ඔස්ට්‍රියාවේ, ජර්මනියේ, ලීච්ටෙන්ස්ටියන්වල, ලක්සම්බර්ග්වල සහ ස්විට්සර්ලන්තයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ඉතිහාසය ගැන දැනගන්න පුළුවන්. 1890 ගණන්වල ඒ රටවල අපේ සහෝදරයන් හිටියේ හරිම ටිකදෙනයි. ඒත් අද වෙද්දී ඒ රටවල සාක්ෂිකරුවන්ගේ ලොකු වර්ධනයක් තියෙනවා. එයාලා තහංචි, පීඩා මැද්දේ නිර්භීතව දේශනා කරද්දී යෙහෝවා දෙවියන් එයාලට ආශීර්වාද කරපු විදිහ ගැන දැනගන්න.
ලිපිනය සහ ෆෝන් නොම්බරය