ජීවිත වෙනස් කළ පොතක්
‘ඉතා වටිනා මුතු ඇටය’ එයාලට හම්බ වුණා
මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට එකම විසඳුම දේවරාජ්‍යය කියලයි යේසුස් ඉගැන්නුවේ. (මතෙව් 6:10) දේවරාජ්‍යය ගැන සත්‍යය කොච්චර වටිනවාද කියලා තේරුම් කරන්න ඔහු මතෙව් 13:44-46 තියෙන උදාහරණ දෙක කිව්වා.
කෙතක වැඩ කරකර හිටපු මිනිසෙක්ට වටිනා වස්තුවක් හම්බ වෙනවා.
අගනා මුතු ඇට හොයාගෙන ගිය සංචාරක වෙළෙන්දෙක්ට හුඟක් වටිනා මුතු ඇටයක් හම්බ වෙනවා.
ඒ මිනිස්සු දෙන්නා එයාලට හම්බ වුණ වටිනා වස්තුව ලබාගන්න එයාලා ළඟ තිබුණ හැම දේම වික්කා. ඒ වගේ දේවරාජ්‍යයේ ආශීර්වාද කියන වස්තුව, මුතු ඇටය ලබාගන්න අපි ඕනම දෙයක් කැප කරන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ. (ලූක් 18:29, 30) ඒ දේ කරපු දෙන්නෙක් ගැන මේ වීඩියෝ එකෙන් බලන්න.