හැම දවසකටම බයිබල් පදයක්

හැම දවසකටම බයිබල් පදයක්
කැලැන්ඩරයක පින්තූරයක්.

‘දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම’ කියන පොතේ හැම දවසකටම බයිබල් පදයකුත් ඒක අදාළ කරගන්න පුළුවන් විදිහ ගැන තියෙන කොටසකුත් තියෙනවා. දවසේ වැඩ සතුටින් පටන්ගන්න මේ පොත ඔයාට ලොකු දිරිගැන්වීමක් වෙයි.

දවසට අදාළ කොටස දවසේ ඕනම වෙලාවක කියවන්න පුළුවන් වුණත් ඒක උදෙන්ම කියවන එකෙන් ප්‍රයෝජන තියෙනවා කියලා හුඟක් අයට තේරිලා තියෙනවා. මොකද එහෙම කරන එකෙන් දවස පුරාම ඒ තොරතුරු ගැන හිතන්න පුළුවන්. පවුලක් විදිහට ඒ තොරතුරු සාකච්ඡා කරන එකත් ප්‍රයෝජනවත්.

දවසේ පදය සහ විස්තරය ‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එකෙන් ඔයාට කියවන්න පුළුවන්. නැත්නම් PDF එකක් විදිහට පොත ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.