ඉතාලියේ ගෙයින් ගෙට දේශනා කරමින්

ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත 2017 ජූලි 

අත්හදා බලන්න යෝජනා

‘මුරටැඹ’ සඟරාව සඳහා සහ අපි දුක් විඳින්නේ ඇයි කියන එකට හේතුව බයිබලයෙන් උගන්වන්න උදව් වෙන අත්හදා බලන්න යෝජනා. ඔයාගේ යෝජනාව හදාගන්න අත්හදා බලන්න යෝජනා උදව්වට ගන්න.

දේවවචනය නිධානයක්

ඔයාට තියෙන්නේ ප්‍රේමයෙන් පිරුණු හදවතක්ද?

විනෝදයට කරන දේවල්, ඇඳුම් පැළඳුම් ගැන අපි ගන්න තීරණවලට අපේ හදවත සම්බන්ධ වෙන්නේ කොහොමද? ප්‍රේමයෙන් පිරුණු හදවතක් කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?

දේවවචනය නිධානයක්

පොරොන්දුවක් වුණොත් ඔයා ඒක ඉටු කරනවාද?

පොරොන්දු කඩ කෙරුවොත් ලැබෙන ප්‍රතිඵල ගැන ශෙදකියා රජගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

දේවවචනය නිධානයක්

සමාව දුන්නාට පස්සේ යෙහෝවා දෙවි ඒ වරද අමතක කරනවාද?

යෙහෝවා දෙවි සමාව දෙන්න සූදානම් කෙනෙක් කියලා පැහැදිලි වෙන්නේ බයිබලයේ තියෙන මොන උදාහරණවලින්ද? යෙහෝවා දෙවි සමාව දෙනවා කියලා විශ්වාස කරන්න ඔහු දාවිත්, මනස්සේ සහ පේතෘස් එක්ක කටයුතු කරපු විදිහ අපිට උදව් වෙන්නේ කොහොමද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

වරද ගැන හිත හිතා තාමත් ළත වෙනවාද?

කලින් අපි අතින් වුණු වැරදිවලට යෙහෝවා දෙවි සමාව දීලා තිබුණත් ඒ වැරදි අමතක කරන්න අපිට ලේසි නැති වෙන්න පුළුවන්. ඒවා අමතක කරන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

දේවවචනය නිධානයක්

රජකම අයිති නීත්‍යනුකූල අයිතිය තියෙන තැනැත්තාටයි

රජකමට නීත්‍යනුකූල අයිතිය තියෙන කෙනෙක් ගැන එසකියෙල් අනාවැකියක් කිව්වා. ඒක යේසුස් මාර්ගයෙන් ඉටු වුණේ කොහොමද? යෙහෝවා දෙවි ගැන ඒකෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සේවයට උදව් වෙන හොඳ පුරුදු

නිවැසියා එන කල් බලන් ඉද්දී අපි නොදන්නවා වුණාට එයා දොර පිටිපස්සට වෙලා අපි දිහා බලන් ඉන්න හරි අපි කියන දේවල් අහගෙන ඉන්න හරි ඉඩ තියෙනවා. සේවයේ යද්දී හොඳ පුරුදු ඇති කරගන්න පුළුවන් කොහොමද?

දේවවචනය නිධානයක්

බයිබලය ගැන තියෙන විශ්වාසය ශක්තිමත් කරන අනාවැකියක්

තීර් විනාශ වෙන විදිහ ගැන එසකියෙල් කිව්ව අනාවැකියේ තිබුණු හැම විස්තරයක්ම ඒ විදිහටම ඉටු වුණා.