ෆිලිප්පි 4:1-23

4  මගේ ප්‍රේමණීය සහෝදරයෙනි, ඔබව දැකීමට මම මහත් ආශාවකින් සිටිමි. මගේ ප්‍රීතියත් කිරුළත්+ ඔබය. ප්‍රේමණීය සහෝදරයෙනි, මා සඳහන් කළ ආකාරයට ස්වාමීන්ගේ අනුගාමිකයන් ලෙස නොසැලී ස්ථිරව සිටින්න.+  යුවෝදියාටත් සින්ටිකීටත් මා උනන්දු කරන්නේ ස්වාමීන් සමඟ එකට බැඳී සිටින අය ලෙස එකඟතාවකින් සිටීමටය.+  එමෙන්ම ඒ ස්ත්‍රීන්ට දිගටම උපකාර කරන ලෙස සැබෑ හවුල් සේවකයන්+ වන ඔබෙන් ඉල්ලා සිටිමි. ක්ලෙමන්ට් සහ මා සමඟ එකට සේවය කළ අනික් අය+ මෙන් ඔවුහු මා සමඟ උරෙන් උර ගැටී+ ශුභාරංචිය වෙනුවෙන් නිරතුරුවම වෙහෙස මහන්සි වී වැඩ කළෝය. ඔවුන් සියලුදෙනාගේම නම්+ ජීවන ලියවිල්ලෙහි*+ සටහන් වී ඇත.  ස්වාමීන් ගැන නිරතුරුවම ප්‍රීති වන්න.+ මා නැවතත් කියන්නේ ප්‍රීති වන්න+ කියාය.  ඔබ සාධාරණ ලෙස කටයුතු කරන කෙනෙකු බව+ සියලුදෙනාටම පැහැදිලි විය යුතුයි. ස්වාමීන් නිරතුරුවම ඔබ ළඟ සිටින බව මතක තබාගන්න.+  කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න.+ ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින්+ ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න.+ එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න.  එවිට ක්‍රිස්තුස් යේසුස් තුළින් දෙවි ලබා දෙන සමාදානය+ අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතටත්+ මනසටත් ආරක්ෂාවක් වේ.  එහෙයින් සහෝදරයෙනි, සැබෑ, ගෞරවනීය, ධර්මිෂ්ඨ, පවිත්‍ර,+ ප්‍රේමයට දායක වන, ඔබින, නිර්මල මෙන්ම ප්‍රශංසනීය දේවලට ඔබේ මනස නිරතුරුවම යොමු කරන්න.+  ඔබ මගෙන් ඉගෙනගත් දේවල්ද පිළිගත් දේවල්ද ඇසූ දුටු දේවල්ද පිළිපදින්න.+ එවිට සමාදානයේ දෙවිගෙන්+ ඔබට ආශීර්වාද ලැබේ. 10  ඔබ නැවතත් මා ගැන සැලකිලිමත් වන නිසා+ ස්වාමීන්ගේ අනුගාමිකයෙකු ලෙස මට මහත් ප්‍රීතියක් දැනේ. ඔබ ඇත්තටම මා ගැන සැලකිලිමත් වී සිටියත් ඒ සැලකිල්ල පෙන්වීමට ඔබට ප්‍රස්තාවක් ලැබුණේ නැත. 11  මා දැන් කතා කරන්නේ මට ඇති හිඟකමක් ගැන නොවේ. මන්ද මම කවර තත්වයක සිටියත් ඉන් සෑහීමට පත් වීමට+ ඉගෙනගෙන සිටිමි. 12  සුළු ප්‍රමාණයක් ඇතුව ජීවත් වීමටත්+ බොහෝ දේවල් ඇතුව ජීවත් වීමටත් මම දනිමි. මා කවර තත්වයක සිටියත් කුමන දෙයකට මුහුණ දුන්නත් එනම්, මා තෘප්තිමත්ව සිටියත් කුසගින්නෙන් සිටියත් බොහෝ දේවල් ඇතුව සිටියත් අගහිඟකම්වලින් පෙළුණත්+ ඒ ඒ තත්වයන්ට අනුව හැඩගැසීමේ රහස ඉගෙනගෙන සිටිමි. 13  මන්ද මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ.+ 14  නමුත් මට විඳීමට සිදු වූ පීඩාවලදී+ ඔබ ලබා දුන් උපකාර+ මම බොහෝ සෙයින් අගය කරමි. 15  ඇත්තෙන්ම ෆිලිප්පිවරුනි, මා ශුභාරංචිය ප්‍රකාශ කිරීමට පටන්ගත් කාලයේදී මැසිඩෝනියාවෙන් පිටත් වී ගිය විට ඔබ හැර වෙන කිසි සභාවක් මට උපකාර කළේවත් මා ලබා දුන් උපකාර පිළිගත්තේවත් නැති බව ඔබ හොඳින් දන්නා කාරණයකි.+ 16  මා තෙසලෝනිකයේ සිටියදී පවා ඔබ මගේ අවශ්‍යතා පිරිමැසීම සඳහා වරක් නොව දෙවරක්ම මට යම් දේවල් එවූ ආකාරය මට මතකය. 17  මා ඒ දේවල් මතක් කරන්නේ ඔබෙන් තවත් තෑගි ලබාගැනීමේ ආශාවෙන් නොවේ.+ මට තිබෙන එකම ආශාව වන්නේ ඔබ තව තවත් දියුණු වෙනවා දැකීමය.+ 18  මට අවශ්‍ය සෑම දෙයක්ම දැන් තිබේ. ඔබ එපෆ්‍රොදිතස්+ අත මට එවූ දේවල් මට දැන් ලැබී තිබෙන නිසා මට කිසි අඩුපාඩුවක් නැත. ඒවා දෙවිට මිහිරි සුවඳක්+ හා ඔහුට ප්‍රසන්න මෙන්ම පිළිගත හැකි පූජාවක්+ හා සමානය. 19  එහෙයින් සියලුම තේජවත් සම්පත්වලින් පිරිපුන්+ මගේ දෙවි+ ඔබට අවශ්‍ය වන සෑම දෙයක්ම ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් ඔබට ලබා දෙනු ඇත.+ 20  අපගේ දෙවි මෙන්ම පියාණන්ට සියලුම ප්‍රශංසා සහ ගෞරවය සදහටම ලැබේවා!+ ආමෙන්.* 21  ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින+ සියලුම ශුද්ධ තැනැත්තන්ට මගේ සුබ පැතුම් දෙන්න.+ මා සමඟ සිටින සහෝදරයෝද ඔබට සුබ පතති. 22  සියලුම ශුද්ධ තැනැත්තෝ, විශේෂයෙන්ම සීසර්ගේ මාලිගා සංකීර්ණයේ සිටින අය ඔබට සුබ පතති.+ 23  යහපත් ආකල්පයක්+ ඇතුව සිටින ඔබට ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව ලැබේවා!

පාදසටහන්

මෙය සැබෑ ලියවිල්ලක් නොවේ. ඉන් සංකේතවත් කරන්නේ සදාකාල ජීවනය ලබන අයව ලියවිල්ලක සටහන් කර තිබෙනවා වගේ දෙවි විසින් සිහි කරනු ලබන බවය.—එළි 3:5; 20:15 බලන්න.
එනම්, එසේම වේවා!